News Line| Off Air
Generic placeholder image

Aug
17

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

603 Views


දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර සහ ගාල්ල දිස්ත‍්‍රික්ක වලටත් එලෙස තද වැසි ඇති විය හැකි බවයි.

වයඹ පළාතේත් කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වනවා.

වයඹ උතුරු මැද උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ති‍්‍රක්කටත් පැයට කිලෝ මීටර 60 ඉක්මවූ තද සුළං ඇති විය හැකියි.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ද පැයට කිලෝ මීටර 70 ක් දක්වා වැඩි විය හැකි බවයි කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

ධීවර හා නාවික ප‍්‍රජාව මේ පිළිබදව අවදානයෙන් පසු විය යුතුයි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප‍්‍රධාන ජලාශ රැුසක වාන් දොරට විවෘත කර තිබෙනවා.

ලක්ෂපාන, මාඋස්සාකැලේ, නෝටන්බි‍්‍රජ්, කැනියෝන් ඇතුළු ජලාශ රැුසක වාන් දෙරටු විවෘතව ඇති බැවින් පහළ නිම්නයේ කැලණි ගඟ දෙපස ජනතාවට ගංඟා ජල මට්ටම පිළිබඳ ව අවධානයෙන් පසු විය යුතුයි.

කඳුකර ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් මෙන් ම පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

අධික සුළං තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිවාස 187කට හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කලේ.

මහනුවර, මඩකලපුව, යාපනය මෙන් ම කොළඹ බම්බලපිටිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව අද පෙරවරුවේ තද සුළං තත්වයන් ඇතිව තිබුණා.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post