News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට.

459 Views


වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට.

මේ වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,014 ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 6 722 ක්.

මඩකලපුව ගම්පහ කලූතර යාපනය සහ මහනුවර දිස්ති‍්‍රක්කවලින් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා.

කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප‍්‍රතිශතය සියයට 76 ක අඩුවීමක් පෙන්නුම් කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කලේ.

මේ දින වල වර්ෂාව සහිත කාළගුණික තත්වයක් පවතින බැවින් ඩෙංගු ව්‍යාප්තිය අවම කර ගැනීම සදහා සිය අවට වට පිටාව පිරිසිදුව තබා ගන්නා ලෙස ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දී සිටිනවා.

මේ අතර ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සදහා නව බැක්ටීරියාවක් යොදා ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප‍්‍රශිලා සමරසිංහ මහත්මිය සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එහි අත්හදාබැලීම් කටයුතු ආරම්භ කිරීම සදහා කටයුතු සැලසුම් කර ඇති බවයි. අදාල බැක්ටීරියාව ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය මත මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post