News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

ගත වූ පැය 24 තුළදී හෙරොයින් සමඟ 05 දෙනෙකු අත්අඩංගුවට.

485 Views


ගත වූ පැය 24 තුළදී හෙරොයින් සමඟ 05 දෙනෙකු අත්අඩංගුවට.

දිවයිනේ ප‍්‍රදේශ 03 කදී හෙරොයින් ග‍්‍රෑම් 45 කට අධික ප‍්‍රමාණයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවත්ත, ජා – ඇල සහ කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශවලදීයි.

කොම්පඤ්ඤවීදිය, වෑකන්ද පාර ප‍්‍රදේශයේදී හෙරොයින් ග‍්‍රෑම් 25 යි මිලිග‍්‍රෑම් 180 ක් සමඟ 41 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලවත්ත දිසා දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණා.

හෙරොයින් සමග 25 හැවිරිදි සහ 40 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු හා 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ජා – ඇල ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදුකළ වැටලීම්වලදීයි.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 17 කට අධික ප‍්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලිග‍්‍රෑම් 100 ක් සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනුණේ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් මීගමුව, කොටුව සහ මාලිඟාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය සහ අපරාධ පාලනය සදහා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 492 ක් ආවරණය කරමින් පිහිටුවා ඇති ප‍්‍රජා පොලිස් කමිටු සංඛ්‍යාව 14,068 ක්.

එම කමිටු යොදා ගනිමින් දිවයින පුරා ක‍්‍රියාත්මක ජංගම මුර සංචාර සංඛ්‍යාව ඉහල නංවා ඇති බවයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සදහන් කලේ.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post