හෙට සිට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු උතුරුමැද ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ති‍්‍රක්කයේත් සවස් කාලයේදී මෙලෙස වැසි ඇති විය හැකි බවයි.
දකුණු පළාතේ විටින් විට හමන පැයට කිලෝ මීටර 50 පමණ දක්වා තරමක තද සුළං ඇති විය හැකි වනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි වනවා.
අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර වියළි කාළගුණය සහ තද සුළං හේතුවෙන් ඇති වූ බලපෑම් වලින් පවුල් එක්ලක්ෂ 49,469 කට අයත් පුද්ගලයින් පන්ලක්ෂ හාරදහස් 666 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala