ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරු පළාතේ පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 02 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ මයිලිඞ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අද එක් වෙමින්.
ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම් වලින් සියයට 88 ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
ඉතිරි සියයට 12 ක ප‍්‍රමාණය ද කඩිනමින් එම ජනතාවට ලබාදිය යුතුය යන පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බවයි ජනාධිපතිතුමා සදහන් කලේ.
සියලූදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුත්තේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලා.
රට තුළ ත‍්‍රස්තවාදයට යළි කිසිදු ඉඩක් නොමැති බවයි ජනාධිපතිතුමා ප‍්‍රකාශ කලේ.
Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe