News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

ජපාන ආරක්ෂක ඇමති හම්බන්තොට වරායට.

458 Views


ජපාන ආරක්ෂක ඇමති හම්බන්තොට වරායට.

නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔන්ඬේරා අද පස්වරුවේ හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ හම්බන්තොට වරාය පිළිබදව අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින්.

ගුවන් මගින් හම්බන්තොට ජාන්ත්‍යන්තර වරායට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාව අවසන් කර යලි ගුවනින් කොළඹට පැමිණියා.

කෙසේවෙතත් ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාව අවරණය කිරීම සදහා මාධ්‍යට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ඒ අනුව වරායේ පිිටත සිට වාර්තාකරණයේ යෙදීමටයි මාධ්‍යවේදීන් හට සිදුවුනේ.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා එම චාරිකාවට එක් වුනේ ත‍්‍රිකුණාමලයේ පැවතී උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව යි.

ත‍්‍රීකුණාමලය වරාය පිලිබද අවබෝධයක් ලබා ගැනීම සදහා ජපාන ආරක්ෂක අමාත්‍යවරයා එම වරායේද නිරීක්ෂණයක යෙදුනා.

තෙදින නිළ සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිතුමා අග‍්‍රාමාත්‍යවරයා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කලේ ඊයේ දිනයේදීයි. එහිදී දෙරටේ ආරක්ෂක තත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජපාන ආරක්ෂක අමාතවරයෙක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

Siyatha Top Story | 05:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post