News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

ගිනි අවියක් සමග පුද්ගලයෙකු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට.

424 Views


ගිනි අවියක් සමග පුද්ගලයෙකු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට.

ගිනි අවියක් සමග පුද්ගලයෙකු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්ගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය සිදු කල විශේෂ මෙහෙයුමකදීයි. සැකකරු සතුව තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 02 ක් සෙයා ගෙන තිබුණා. මේ සමග අත්අඩංගුවට පත් වුනේ කුලිගොඩ ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

මේ අතර මේ අතර දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ දී වෙඩි තබා මුවෙකු ඝාතනය කල පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත‍්‍රියේ සිට වටලා සිටි පොලීසිය අද පෙරවරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ දැඩි මෙහෙයුමකින් අනතුරුවයි. සැකකරුවන් තිදෙනා සමග සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා පතොරොම් තුවක්කුවක් සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත් වුනේ කණ්ඩලම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් තුන් දෙනෙක්.

සැකකරුවන් දඹුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post