News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ කරුනු දක්වන්නැයි නිතීපතිට නියෝග.

742 Views


අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ කරුනු දක්වන්නැයි නිතීපතිට නියෝග.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි වරෙන්තුව ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිලිබදව කරුණු දක්වන්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ අදාල නඩුව කොලඹ කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැදවූ අවස්ථාවේදී. අදාල කරුණු දැක්වීම එළඹෙන නඩු වාරයේදී සිදු කිරීමටයි එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ.

පර්පචුලවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 30 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය අද නියෝග කලා.

ප‍්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය පිලිබද ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ ඔවුන්ට චෝදනා එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැණුනේ පසුගිය පෙබරවාරි මස 4 වනදායි.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post