News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

මත් පෙති සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු මන්නාරම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට.

694 Views


මත් පෙති සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු මන්නාරම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට.

මත් පෙති සමග පුද්ගලයින් තුන් දෙනෙකු මන්නාරම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්නාරම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිළධාරීන් කල වැටලීමකදීයි.

යතුරු පැදි දෙකකින් ගමන් කල සැකකරුවන් තුන් දෙනෙකු අදාළ නිළධාරීන් විසින් පරීක්ෂා කර තිබුණා. එහිදී සැකකරුවන් සතුව තිබී සොයා ගත් ට‍්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති ගණන 1,300 ක්.

මේ අතර ගංජා කිලෝ 02 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ශ‍්‍රී පුර ප‍්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම වැටලීම සිදු කර තිබුනේ ශ‍්‍රී පුර පොලීසියට ලද තොරතුරකට අනුවයි.

ගල්කිස්ස හා පානදුර ප‍්‍රදේශ වලදී ද හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කල වැටලීමකදී අත්අඩංගුවට පත් වුනේ 29 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 41 යි මිලි ග‍්‍රෑම් 600 ක් සොයා ගත්තා. පානදුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබු හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 200 ක්.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post