News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

සීමා නිර්ණ වාර්තාව ගැන පාර්ලිමේන්තු ඡන්දයක්.

1661 Views


සීමා නිර්ණ වාර්තාව ගැන පාර්ලිමේන්තු ඡන්දයක්.

පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු ඡුන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට ටික වේලාවකට පෙර අවසන් වූ පක්ෂ නායක රැස්වීමේදීයි. පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ ඡුන්දයක් පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සදහා එම පක්ෂ නායක රැුස්වීම කැදවා තිබුණා. එම වාර්තාවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ඡුන්දය භාවිතා කරන බව ඊයේ නිවේදනය කලා.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුනේ මතය වූයේ වාර්තාවට සහය දක්වමින් පක්ෂය ඡුන්දය ලබා දෙන බවයි. පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලේ පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින්.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post