News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

අගමැති හෙට වියට්නායමයට.

506 Views


අගමැති හෙට වියට්නායමයට.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට වියට්නායමය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුලූවට සහභාගී වීම සදහායි. කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන තේමාව යටතේ ඉන්දීය සාගර සමුලූව පැවැත්වෙන්නේ ලබන 27 සහ 28 යන දින වලදී. අග‍්‍රාමාත්‍යවරයා ලබන 27 වනදා සමුලූවේ ආරම්භක සැසිය ඇමතීමට නියමිතයි.

ඉන්දිීය සාගර කලාපයේ ආර්ථිකය ආරක්ෂාව වෙලද සහ පරිපාලන කටයුතු වලදී සාමූහිකව කටයුතු කරමින් නව කලාපීය හැඩතල ගොඩනැංවීම පිලිබදව මෙහිදී අවධානය යොමු කරනු ඇති. සිංගප්පූරුව බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව එක්ව ආරම්භ කල මෙම සමුලූව සදහා කලාපයේ රාජ්‍ය නායකයින් රැුසක් සහභාගී වීමට නියමිතයි.

මෙම සංචාරය සදහා ආග‍්‍රාමාත්‍යවරයා සමග අමාත්‍ය සාගල රත්නායක අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අතිරේක ලේකම් සමන් ආතායුදහෙට්ටි සහ විශේෂ සහයිකා සැන්ඩ‍්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද එක් වනු ඇති.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post