News Line| Off Air| Games
Generic placeholder image

Aug
27

අකුරැස්සේ වෙඩි තැබීමක්.

333 Views


අකුරැස්සේ වෙඩි තැබීමක්.

අකුරැස්ස බෝධිරාජ විහාරස්ථානය ආසන්නයේදී ඊයේ රාති‍්‍රයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කළ මෝටර් රථයකට මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ල වී ඇත්තේ 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ගමන්ගත් මෝටර් රථයකටයි. වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයට හානියක් සිදුව නැහැ.

මේ අතර මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදී ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන්ගත් කාන්තාවකට වෙඩි තබා පලා ගොස් තිබුණේ ඊයේ පස්වරුවේදීයි. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගියා.


News Articles
Latest Videos
Most Popular Post