News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

රාජ්‍ය සේවා වැටුප් කොමිසම රැස් වෙයි.

852 Views


රාජ්‍ය සේවා වැටුප් කොමිසම රැස් වෙයි.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් පත් කල විශේෂ ජනාධිපති කොමිසම අද පෙරවරුවේ ප‍්‍රථම වරට රැස් වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපති කාර්යාලයේ පැවති එම රැුස්විමට කොමිසමේ සාමාජිකයින් 15 දෙනාම එක්ව සිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේ දී මතුවන ගැටලූ විසඳීම සඳහා ක‍්‍රමවේද යෝජනා කිරීම මෙම කොමිසමේ එක් කාර්්‍යයක්.

දුම්රිය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් යන ක්ෂේත‍්‍ර සඳහා දැනට කි‍්‍රයාත්මක වන වැටුප් චක‍්‍රලේඛ මගින් වැටුප් විෂමතාවයක් සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විස`දුම් යෝජනා කිරීම තවත් කාර්්‍යක් වනවා.

ඊට අදාළ කොමිසමේ නිර්දේශ ලබන ඔක්තෝබර් මස 30 වන දාට පෙර ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ. ඒ තුළින් ඉදිරි අයවැය යෝජනා සම්පාදනයේදී මගපෙන්වීමක් ලබාගත හැකි බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී සඳහන් කළා.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැටලූව විසඳීමට සුදුසු නිර්දේශයන් නව කොමිසම මගින් ඉදිරිපත් වනු ඇති බවයි ජනාධිපතිතුමා කියා සිටියේ.

රාජ්‍ය අංශයේ වැටුප් ආශි‍්‍රත යම් ගැටලූ හෝ විෂමතා ඇත්නම් එය අවම කිරීම සදහා ජනාධිපතිතුමා විසින් පසුගිය 23 වනදා මෙම කොමිසම පත් කලා

කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු පරිපාලන නිළධාරියෙකු වූ එස්. රනුග්ගේ මහතා යි.

Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post