News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

අගමැති සහ වියට්නාම නියෝජ්‍ය අගමැති අතර හමුවක්.

567 Views


අගමැති සහ වියට්නාම නියෝජ්‍ය අගමැති අතර හමුවක්.

වියට්නාමයේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එරට නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ෆාම් බින් මින් අතර හමුවක් අද පැවැත්වුනා. ඒ හැනොයි නුවර පිහිටි එරට විදේශ කටයුතු අමාත්යාංශයේ දීයි.

අග‍්‍රාමාත්‍ය කාර්්‍යාලය සදහන් කලේ එහිදී ශ‍්‍රී ලංකාව සහ වියට්නාමය අතර සබඳතා පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත කිරීම පිලිබදව අවධාණය යොමු වූ බවයි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙදාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට නිරන්තර සාකච්ඡුා සහ සැලසුම් අවශ්‍ය බව එහිදී ප‍්‍රකාශ වී තිබෙනවා.

මේ අතර අග‍්‍රාමාත්‍යවරයා අද බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තෆා කමල් ද හමුවුනා.

ඉන්දීය සාගර සමුලූවට සහභාගී වීම සදහා අග‍්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 25 වනදායි.

මෙම සංචාරය සදහා අමාත්‍ය සාගල රත්නායක අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි සහ විශේෂ සහයිකා සැන්ඩ‍්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද එක් ව සිටිනවා.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post