News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

මත්කුඩු සමඟ 3 ක් පොලිස් දැලේ.

554 Views


මත්කුඩු සමඟ 3 ක් පොලිස් දැලේ.

මහරගම මෝදර හා පානදුර යන ප‍්‍රදේශ වලදී මත් කුඩු සමග පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම පොලීසියට ලද තොරතුරකට අනුව තාප්පවත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ 31 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 220 ක් සොයා ගෙන තිබෙනවා.මෝදර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී සොයා ගත් හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 910 ක්.

පානදුර පොලීසියට ලද තොරතුරක් මත 22 හැවිදිරි තරුණයෙකු මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 150 ක් සැකකරු ළග තිබී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

ගම්පහ මීගමුව සහ කැළණිය යන ප‍්‍රදේශ ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය පිලිබද තොරතුරු දැනුම් දීම සදහා පොලීසිය මගින් විශේෂ දුරකථන අංක 3 ක් හදුන්වා දී තිබෙනවා.

මීගමුව ප‍්‍රදේශය සදහා 071 36 8000 1 අංකයත් ගම්පහ ප‍්‍රදේශය සදහා 071 32 1000 1 අංකයත් කැළණිය ප‍්‍රදේශය සදහා 071 35 8000 1 අංකයත් මගින් මත්ද්‍රව්‍ය පිලිබද තොරතුරු ලබා දිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post