මීට දශක ගණනාවකට පෙර සිංගප්පූරුව ශ‍්‍රී ලංකාවෙන් ආදර්ශ හේතුවෙන් රට සංවර්ධනය කරා ගමන් කල බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක‍්‍රිෂ්ණන් පවසනවා. ඔහු මෙම අදහස් පල කලේ අද පෙරවරුවේ වියට්නාමයේ හැනොයි නුවරදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වෙමින්.
අතීතයේ සිංගප්පූරුව ශ‍්‍රී ලංකාවෙන් ආදර්ශ ලැබූවත් ශ‍්‍රි ලංකාව පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීම නිසා සංවර්ධන පසුබෑමකට ලක් වූ බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
යහපාලන රජය උත්සාහ දරන්නේ ඒ ගමන යළි ආපසු හරවා, ඉන්දීය සාගරයේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කලේ.
මේ සාකච්ඡාවේදී දී වත්මන් ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික ප‍්‍රවණතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබුණා. ශ‍්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කාර්යයන්ට එල්ල විය හැකි අභියෝග පිළිබදව ද අදහස් හුවමාරු කර ගත්තා.
Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala