News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

මින්නේරිය වනජීවී නිලධාරීන්ට ගහපු 12 රිමාන්ඩ්.

635 Views


මින්නේරිය වනජීවී නිලධාරීන්ට ගහපු 12 රිමාන්ඩ්.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට පහරදුන් සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හිගරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකු ඇතුලූ 12 දෙනෙකුලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

වනජීවී නිලධාරීන් සියලූ‍ ක්ෂේත‍්‍ර රාජකාරීවලින් අද සිට ඉවත් වීමටයි තීරණය කර තිබුණේ. පොලොන්නරුවේ වනජිවි නියාමකවරුන් සහ ක්‍ෂේත‍‍්‍ර සහායකවරුන් මේ වන විට පිටත රාජකාරි වලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ නිරත වනවා.

මේ හේතුවෙන් කවුඩුල්ල, මින්නේරිය, වස්ගමුව සහ අංගම්මැඬිල්ල යන වනෝද්‍යානයවලට සංචාරකයින් ඇතුළු කර ගැනීම නතර කර ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

ධීවරයින් පිරිසක් කළ පහරදීමකින් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් දස දෙනෙකු තුවාල ලැබුවේ පසුගිය 26 වනදා රාති‍්‍රයේදීයි. ඒ අතරින් තිදෙනෙකු තවදුරටත් හබරණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය 26 වනදා වනජීවී නිලධාරීන් ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක් නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post