News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

ජනපති නේපාලයට.

512 Views


ජනපති නේපාලයට.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා නේපාලය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ පෙරවරු 08 20 ට AI 282 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඇතුලූ දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

නේපාල සංචාරය සදහා ජනාධිපතිතුමා සමග එක්වූ දූත පිරිසට 17 දෙනෙකු ඇතුළත්.

බෙංගාල බොක්ක ආශ‍්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි

බෙංගාල බොක්ක සාමකාමී සශ‍්‍රීක සහ තිරසර කලාපයක් බවට පත්කිරීම, මෙවර සමුළුවේ තේමාව වනවා. මෙම සමුළුව අවසානයේදී, බිම්ස්ටෙක් සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන නේපාලය විසින් එම සභාපති ධුරය ශී‍්‍ර ලංකාවට පිරිනැමීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාවේ සහ මියන්මාරයේ ජනාධිපතිවරුන්, ඉන්දියාවේ, බංග්ලාදේශයේ, නේපාලයේ සහ තායිලන්තයේ අග‍්‍රාමාත්‍යවරුන් මෙන්ම භූතාන රජයේ ප‍්‍රධාන උපදේශකවරයා මෙම සමුළුව සඳහා සහභාගි වනවා.

සමුලූවෙන් අනතුරුව ජනාධිපතිතුමා ලූ‍ම්බිණි නුවර සංචාරයක ද නිරත වීමට නියමිතයි. සංචාරය අතරතුර දී ජනාධිපතිතුමා නේපාල අග‍්‍රාමාත්‍ය කේ. පී. ඕලී හා නේපාල ජනාධිපති බින්ද්‍යා දේවි බණ්ඩාරි හමුවී සාකච්ඡුා කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post