News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

ලලිත් වීරතුංග සහ පී බී ජයසුන්දර ජනපති කොමිසම හමුවට.

908 Views


ලලිත් වීරතුංග සහ පී බී ජයසුන්දර ජනපති කොමිසම හමුවට.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර යන මහත්වරුන් ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

ඒ ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍‍්‍රකාශ ලබාදීම සඳහායි.

අද පෙරවරුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටුවා ඇති එම කොමිසමට අද පැමිණියා.

එම පරිශ‍්‍රයේ සිටින අප වාර්තාකරු සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොමිසම ප‍්‍රකාශයක් ලබාගනිමින් සිටින බවයි.

මේ අතර විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූ මුවදොර පාර ලෝටස් වට රවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post