News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා ව්‍යවස්ථා සභාව හමුවට.

3480 Views


පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා ව්‍යවස්ථා සභාව හමුවට.

ජාතික පොලිස් කොමිශන් සභාව හා පොලිස්පතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට හමුවට කැදවීමට තීරණය කර තිබෙනවා. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා විසින්. ඉදිරි සතියේ දෙපාර්ශවයටම එම සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකාරීත්වය අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිලිබඳව මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතයි.

පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග නොතකා හරින බව පසුගිය දිනවල වාර්තා වුණා. 19 වන ව්‍යවසථා සංශෝධනය යටතේ ස්ථාපිත ජාතික පොලිස් කොමිශන් සභාවේ නිළධාරීන් පත් කිරීම සිදු කරනු ලබන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින්.

Siyatha Top Story | 03:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post