News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ලබුදුව උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දැමේ.

594 Views


ලබුදුව උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දැමේ.

ලබුදුව උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ එහි සිසුන් දෙපිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් අනතුරුවයි.

තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් සහ ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් අතර මෙම ගැටුම හට ගෙන තිබුණා. ගැටුම අතරතුරදී තාක්ෂණ අංශයේ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප‍්‍රතිකාර සදහා ඔවුන් ඇතුළත් කලේ කරාපිටිය රෝහලටයි.

ගැටුමට සම්භන්ධ කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ලබුදුව උසස් තාක්ෂණ ආයතනය අවට ආරක්ෂාව තර කර ඇති බවයි පොලීසිය සදහන් කලේ. තත්වය සමථයකට පත් වන තෙක් ලබන සදුදා දක්වා එය වසා තැබෙන බවයි ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා සදහන් කලේ.

Siyatha Top Story | 10:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post