News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කිරීමට එකඟතාවයක්.

439 Views


ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කිරීමට එකඟතාවයක්.

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වී තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා මියන්මාර ජනාධිපතිවරුන් අතර අද කත්මණ්ඩු නුවරදී පැවති සක්ච්ඡාවේදීයි.

ශ‍්‍රී ලංකාව මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී ප‍්‍රකාශ කලා.

නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් සංහිදියාව ශක්තිමත් කිරීම තම ප‍්‍රමුඛ වගකීමක් සේ ඉටුකරන බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ මියන්මාර් ජනාධිපතිවරයා කියා සිටියේ නුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ප‍්‍රවර්ධනය කර ගැනීමටත්, මියන්මාර් ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් ශ‍්‍රී ලංකාවට යොමු කිරීමට කටයුතු කරන බවත් මියන්මාර් ජනාධිපතිවරයා සඳහන් කලා.

කෘෂිකාර්මික රටවල් ලෙස දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සහයෝගය ඉහළ නංවා ගැනීමට ද දෙරටේ නායකයින් අවධානය යොමු කර තිබුණා.

Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post