News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්.

627 Views


ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ චෝදනා හා වරෙන්තුවේ පිටපත් ඔහු වෙත ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ බව අද අධිකරණයට දැනුම් දුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මහ බැංකු අධිපතිවරයා ඉල්ලා ඇති ලේඛන ඔහු වෙත මුදාහැරීම සඳහා විරුද්ධත්වයක් නැති බව ජාත්‍යන්තර පොලිසිය වෙත දැනුම් දුන් බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ නඩුව කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැදවූ අවස්ථාවේදී ලබාදුන් නියෝගයකට අනුවයි.

ප‍්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය පිලිබද ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ ඔවුන්ට චෝදනා එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැණුනේ පසුගිය පෙබරවාරි මස 4 වනදායි.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post