News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

මාකදුරේ මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

667 Views


මාකදුරේ මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු හෝමාගම සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කළ වැටලීමකදීයි.

සැකකරුවන් සතුව තිබී ටී 56 ගිනි අවියක් පතොරම් 24 ක් සහ මයික්‍රො වර්ගයේ පිස්තෝල සදහා භාවිත කරන පතොරම් 05 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 35 හැවිරිදි සහ 36 හැවිරිදි හෝමාගම සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ලබන මස සිව්වනදා දක්වා රැුදවුම් නියෝග ලබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිිසිය සදහන් කළේ.

සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මධූෂ් නැමැත්තාගේ සමීපතම ගෝලයින්. පසුගිය 14 වනදා රත්නපුරදී සිදුවූ පුද්ගල ඝාතනයකට ද මෙම සැකකරුවන් සම්බන්ධ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Siyatha Top Story | 05:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post