News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

මත්කුඩු ළග තියාගත්ත තරුණයින් 3 ක් අත්අඩංගුවට.

1143 Views


මත්කුඩු ළග තියාගත්ත තරුණයින් 3 ක් අත්අඩංගුවට.

මත්කුඩු ළග තබා ගත් පුද්ගලයෙකු හා ඊට අධාර අනුබල ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකු ඔරුවල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන් විසින්.

වැටලීමේ දී හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලි ග‍්‍රෑම් 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් කල ප‍්‍රශ්න කිරීම් වලින් පසු ඊට අධාර අනුබල ලබා දුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කලේ.

මෙලෙස අත්අඩංගුවට පත් වුනේ 18 19 හා 25 හැවිරිදි වියේ පසු වු තරුණයින් තුන්දෙනෙක්. මේ අතර මිණුවන්ගොඩ හා බොරැුල්ල යන ප‍්‍රදේශ වලදී ද මත් කුඩු සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ මාතම්මන ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ 41 හැවිරිදි පුද්ගලයෙක්.ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 202 යි මිලි ග‍්‍රෑම් 91 ක් සොයා ගෙන තිබෙනවා.

බොරැුල්ල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී සොයා ගත් හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 310 ක්. ගම්පහ මීගමුව සහ කැළණිය යන ප‍්‍රදේශ ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය පිලිබද තොරතුරු දැනුම් දීම සදහා පොලීසිය මගින් විශේෂ දුරකථන අංක 3 ක් හදුන්වා දී තිබෙනවා.

මීගමුව ප‍්‍රදේශය සදහා 071 36 8000 1 අංකයත් ගම්පහ ප‍්‍රදේශය සදහා 071 32 1000 1 අංකයත් කැළණිය ප‍්‍රදේශය සදහා 071 35 8000 1 අංකයත් මගින් මත්ද්‍රව්‍ය පිලිබද තොරතුරු ලබා දිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post