News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

ඕස්ටේ‍්‍රලියාවේ දී ශ‍්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට.

552 Views


ඕස්ටේ‍්‍රලියාවේ දී ශ‍්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට.

ත‍්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට ශ‍්‍රී ලාංකිකයෙක් ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිඞ්නි නුවරදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කලේ.

ඔහු සතුව තිබී ත‍්‍රස්ත ප‍්‍රහාර දියත් කිරීමට සැළසුම් කල ස්ථාන ඇතුළත් වාර්තාවක් ද සොයා ගෙන තිබෙනවා. එම ස්ථාන සිඞ්නි නුවර පිහිටි ජනාකීර්ණ ස්ථාන බවයි ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ සදහන් කලේ.

සැකකාර 25 හැවිරිදි ශ‍්‍රී ලාංකික තරුණයා නිව් සවුත්වෙල්ස් විශ්ව විද්‍යාලයට සම්භන්ධ කොන්ත‍්‍රාත් සේවකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු ඔස්ටේ‍්‍රලියාවට පැමිණ ඇත්තේ ශිෂ්‍ය වීසා ලබා ගනිමින්.


News Articles
Latest Videos
Most Popular Post