News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

ඖෂධ හිඟයක් ඇත්නම් ලිඛිතව දැනුම් දෙන්න – සෞබ්‍ය ඇමැති ඉල්ලයි.

580 Views


ඖෂධ හිඟයක් ඇත්නම් ලිඛිතව දැනුම් දෙන්න – සෞබ්‍ය ඇමැති ඉල්ලයි.

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම් ඒ පිළිබදව සියලූ‍ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටිනවා.

එම තොරතුරු පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට තමන් සුදානම් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේ.

තමා සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ වර්ග 49 -70 අතර ප‍්‍රමාණයක හිඟයක් දිනපතාම පැවැති බවත් එම හිඟය මගහරවා ගැනීම සදහා රෝහල් පද්ධතියට මෘදුකාංගයක් හදුන්වා දුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලා.

නව පරිගණක මෘදුකාංගයට අනුව ඕනෑම රෝහලක සිට අනෙක් රෝහලට අවශ්‍ය හිඟ ඖෂධ ලබාගත හැකියි.

ඒ අනුව ඇතැම් හිඟ ඖෂධ කඩිනම්න් වෛද්‍ය සැපයුම් අංශයෙන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාදීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගියදා ප‍්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post