News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

රාජ්‍ය සේවයේ පුහුණුවට වාර්තා නොකළ උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ.

687 Views


රාජ්‍ය සේවයේ පුහුණුවට වාර්තා නොකළ උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ.

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගෙන් මෙතෙක් තම පත්වීම් භාර නොගත් සියලූ‍ දෙනාගේ පත්වීම් අවලංගු කිරීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය සදහන් කළේ ලබා දී තිබූ පත්වීම් භාර ගැනීමට දුන් කාලය පසුගිය 28 වනදා අවසන් වූ බවයි.

කෙසේ වෙතත් අතිරේක කාලයක් ලෙස සලකා බලා ඊයේ පස්වරුව දක්වා උපාධිධාරීන්ට ඒ සඳහා අවස්ථාව සලසා දී තිබුණා.

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා රැුකියා විරහිත උපාධිධාරීන් 4 100ක් බඳවා ගැනුණේ පසුගිය 20 වනදායි.

දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවලදී පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව එම බදවා ගැනීම් සිදු කෙරුණා.

අවලංගු කළ පත්වීම් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට යළිත් වරක් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

උපධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළේ දෙවැනි අදියර ලබන නොවැම්බර් මාසයේ ක‍්‍රියාත්මක කරන අතර ඒ සදහා උපාධිධාරීන් 15 000 ක් බදවා ගන්නා බවයි ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post