News Line| Off Air| Games
Generic placeholder image

Sep
1

ගලහ ප‍්‍රාදේශීය රෝහලට අලාභහානි සිදු කළ සැකකරුවන් හඳුනාගැනේ.

449 Views


ගලහ ප‍්‍රාදේශීය රෝහලට අලාභහානි සිදු කළ සැකකරුවන් හඳුනාගැනේ.

ගලහ ප‍්‍රාදේශීය රෝහලේ දේපළවලට අලාභහානි සිදු කළ පුද්ගලයින් මේ වනවිට හදුනාගෙන ඇති බව ගලහ පොලිසිය පවසනවා.

සියත ප‍්‍රවෘත්ති කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට විමර්ශන කි‍්‍රයාත්මක බවයි.

ගලහ රෝහලේ පසුගිය 28 වනදා ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් එහි හදිසි ප‍්‍රතිකාර ඒකකය හා දන්ත වෛද්‍ය ඒකකය සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

යළි ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ලබන සදුදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

පසුගිය 28 වනදා ගලහ ප‍්‍රාදේශීය රෝහල් පරිශ‍්‍රයේ නොසන්සුන්තාවයක් ඇති වුණේ රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 3 හමාරක් ළදරුවෙකු මියයාම හේතුවෙන්.

හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් ළදරුවා රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දීම ප‍්‍රමාද වූ බව පවසමින් ජනතාව මෙලෙස නොසන්සුන් වී තිබුණා.

මියගිය දරුවාගේ ඥාතීන් පවසන්නේ දරුවාට උණ රෝගය වැළදී තිබූ බැවින් ප‍්‍රතිකාර සඳහා ගලහ ප‍්‍රාදේශීය රෝහලට රැුගෙන ගිය ද පැය දෙකක් යනතුරු කිසිදු වෛද්‍යවරයකු දරුවාගේ රෝගී තත්ත්වය පරීක්ෂා නොකළ බවයි.

පසුව එම දරුවා පේරාදෙණිය රෝහලට රැුගෙන යන අතරතුර දී මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ හදිසියේ රිය අනතුරකට ලක්වූ රෝගීන් දෙදෙනෙකුට ප‍්‍රතිකාර කරමින් සිටියදී ළදරුවාව ඥාතීන් විසීන් අවසරයකින් තොරව රෝහලෙන් පිටතට රැුගෙන ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය දේශපාලන බලපෑම් මත කටයුතු කරන්නේ නම් ලබන 4 වනදා මධ්‍යම පලාතේ සියලූම රජයේ රෝහල්වල වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post