News Line| Off Air
Generic placeholder image

Sep
3

සාෆ් සටනට සිංහයන් සුදානම් – Exclusive

1362 Views


සාෆ් සටනට සිංහයන් සුදානම් – Exclusive

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය හෙට බංගලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වීමට නියමිතයි. මෙවර ඒ සදහා කණ්ඩායම් 7ක් සුදානමින් සිටිනවා. වසර 2කට වරක් පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලිය කෙරෙහි දකුණු ආසියාවේ රටවල් අවධානය යොමුකර ඇතිබව පෙනේ. මෙරට පාපන්දු කණ්ඩායමද ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ වසර 2කට පසුවයි. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු ක්‍රීඩාවේ තත්වයද උරගා බැලීමට අවස්ථාව සැලසෙනවා. කෙසේවෙතත් කොළඹදී පැවැති ලිතුවේනියානු කණ්ඩායම සමග තරගාවලිය ජයපරාජයෙන් තොරව නිමා කරන්න ශ්‍රී ලංකාව සමත් වුණා.
2018 සාෆ් පාපන්දු කණ්ඩායම්
ශ්‍රී ලංකාව 1995 වසරේ සාෆ් පාපන්දු කිරුළේ උරුමකරුවන් බවට පත්විය. එහෙත් ගතවූ වසර කිහිපය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට එතරම් යහපත් කාලයක් වුනේ නැහැ. කෙසේවෙතත් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පකීර් අලී මහතා පවසන්නේ තම කණ්ඩායම තරගාවලිය සදහා මනා සූදානමකින් පසුවන බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමට කොරියාවේ සහ ජපානයේ නේවාසික පුහුණුවක්ද ලබාදුන් බවයි පුහුණුකරු පවසන්නේ.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම
ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නයකත්වය දරන්නේ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුභාෂ් මධුශාන්. මෙවර තරගාවලියට කොළඹ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් 7 දෙනෙකු නම් කර තිබීම විශේෂත්වයක්.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනූව සාෆ් කණ්ඩායම් වලට හිමි ස්ථානය.
ලබන 4 වනදා සිට දිගහැරෙන සාෆ් පාපන්දු සටනේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඉන්දියාව සමග 5 වනදා පැවැත්වෙනවා.
දෙපයේ දෝලනය වන සාෆ් පාපන්දු කිරුලේ නියම උරුමක්කාරයන් කවුද? එය තීරණය වන්නේ ලබන 15 වනදා පැවැත්වෙන සාෆ් පාපන්දු අවසන් මහා තරගයේදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගී වූ සුහද තරඟය
සටහන – ඉඳුනිල් පතිරාජ


News Articles
Latest Videos
Most Popular Post