මන්නාරම් ද්‍රෝණයේ කැනීම් සිදු කිරිමට අදාළ ටෙන්ටඩර් කැදවීම ඉදිරි සති දෙක තුළ දී සිදු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සදහන් කලේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කරන බවයි.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සදහා දිවයිනට පැමිණි නෞකාව ඊයේ එම පර්යේෂණ කටයුතු ආරම්භ කලා. පර්යේෂණ සිදු වන්නේ BJP පයනියර් නැමැති එම ද්වීමාන භූකම්පන දත්ත රැස් කිරීමේ නෞකාව මගින්.
උතුරු නැගෙනහිර හා ඊසාන දිග මුහුදේ වර්ග කිලෝමීටර් දස දහසක් පුරා පැතිරුනු ප්‍රදේශයක මෙම තෙල් ගවේෂණ කටයුතු සිදු වනවා. දින 45 ක් පුරා මෙම දත්ත සෙවීමේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතයි. මෙම ගවේෂණ සදහා ඛණිජ තෙල් අමාත්‍යාංශය ගිවිසුමට එළඹ ඇත්තේ ලොව විශාලතම තෙල් සමාගම වන ෂ්ලම්බර්ගර් සමාගම සමගයි. ගවේෂණයේ දී ලබා ගන්නා ද්විමාන හා ත්‍රිමාන දත්ත ඉදිරියේ දී ඛණිජතෙල් කැනීම් කරන සමාගම් වෙත ලබා දෙනු ඇත.