නොමැරී ජීවත් වෙන්න ඔබට මොනවද ඕනේ? මේ ප්‍රශ්නෙට ඔබ මතක ඇති කාලෙක ඉඳලා දුන්න උත්තරේ තමයි වතුරයි කෑමයි තිබ්බනම් ඇති කියන එක. හැබැයි දැන් නං ඒ උත්තරේ බාරගන්න අමාරුයි. මොකද නොමැරී ඉන්න සමහරුන්ට දැන් FB එකත් ඕනා. නැත්නම් බත් කට ගිලෙන් නැහැ. බොන වතුර ටික උගුරෙන් පහළට යන්නෙත් නැහැ. ඒ තරමට අපි දැන් මුල් බැසගත් ෆේස්බුක් වාසීන් වෙලා.
මේ FB එක පටන් ගත්තේ මාර්ක් සකර්බර්ග්නේ. කාලෙන් කාලෙට ඔහු අපිව FB එකේම තියාගන්න එක එක තුරුම්පු කොළ වීසි කරනවා. උදෙන්ම FB ලොග් වුනාම Good Morning කියනවා. රෑට Good Night කියනවා. අපි දැකලවත් නැති, අපේ Friend List එකේ ඉන්න අය එක්ක අවුරුදු 4, 5 යාළුකම් ගැන ලෝකෙටම කියනවා, තව වෙලාවකට FB Live එනවා කියනවා.
ඔය අතරේ මෙච්චර දවසක් මාර්ක් හංගගෙන හිටපු තුරුම්පු ආසියාවත් හෙට අනිද්දා එලියට අදින්න Plan කරනවා කියලා අපිට ආරංචි වුණා. ඒ තමයි Facebook TV. පැහැදිලි කිරීම් ඕන නැතිවෙයි. නමින්ම තේරෙනවනේ වැඩේ මොකක්ද කියලා.
එතකොට ඔබ FB Log වුණ ගමන්ම wall එකේ උඩින්ම පෙන්නේ FB TV එක. ඔබ කැමති වැඩසටහන්, ගීත, Films, වාර්තාමය වැඩසටහන් මේ Facebook TV එකේ යනවා. ඉතින් සාලේ මැද තියෙන TV එක ඉස්සරහා ආයේ වාඩි වෙන්න වෙන්නේ නැහැ. ඒ වගේම Youtube එකේ data කපාගෙන Video බලන්න ඕනෙත් නැහැ. ගෙදර වගේ බුකියේ ඉදන් tv බලන්න පුළුවන්.
ඉතින් රුපවාහිනි නාලිකාවලට විතරක් නෙවෙයි Youtube, Netflix වගේ සමාජ ජාල වලටත් මාර්ක් අයියාගේ මේ වැඩෙන් හතේ හත වදින එක අහන්නත් දෙයක්ද?
මේ Facebook TV පටන් ගන්න තාම දවසක් දාගෙන නැහැ. එත් වැඩසටහන් නිෂ්පාදනය දැනටමත් පටන් අරං. ඉතින් සමහර විට හෙට උදේ FB එනකොට Facebook TV ඇවිත් තියෙන්නත් පුළුවන්. මාර්ක් සකර්බර්ග්ගේ වැඩ එහෙමනේ ඉතින්.
හැබැයි FB වල ඔහුගේ අන්තිම ඉලක්කය Facebook TV කියලයි මාර්ක් නම් කියන්නේ. ඔව් ඉතිං ආයි තව මොනවද කරන්න තියෙන්නේ. කරනවා තියා හිතන්නවත් දෙයක් මාර්ක් සකර්බර්ග් ලෝකෙට ඉතුරු කරන්නැහැනේ…