News Line| Off Air
Generic placeholder image

Sep
4

සමාජ ජාල වලින් සංවිධානය කරන Beach Party තහනම් වෙයි.

783 Views


සමාජ ජාල වලින් සංවිධානය කරන Beach Party තහනම් වෙයි.

මේ වෙද්දී Beach Party කියන්නේ ලංකාවට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. හැබැයි දිගින් දිගටම මේ Beach Party නිසා වටිනා තරුණ ජීවිත නිකරුනේ විනාශ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම සමාජ ජාල එකමුතු හරහා පවත්වන සාද වලදී විවිධ විෂ දේවල් ශරීර ගතවීමෙන් පහුගිය මාස කිහිපයේ අතිවිශාල පිරිසක් මියගියා. මේ සියලු තත්වයන් සැලකිල්ලට ගනිමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා මහා පරිමාණයෙන් තරුණ තරුණියන් කැඳවමින් පවත්වන සාද පැවැත්වීම ඉන් ඉදිරියට කළුතර දිස්ත්‍රික්කය තුළ තහනම් කිරීමට කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළා.

 

මින් ඉදිරියට එවැනි තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගීවන සාද පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගෙන් සහ සුරාබදු අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ද අවසර ලබා ගත යුතු බවද මේ කමිටු රැස්වීමේදී යෝජනා වුණා. වාද්දුවේ පැවති එවැනි සාදයක්දී පසුගියදා සිව්දෙනෙක් මියයාමේ සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා මෙවැනි සාදවලට ඉඩ ලබා නොදිය යුතු බවයි සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post