News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

පෙට්‍රල්, ඩීසල් මිල ආයෙත් ඉහළ යන ලකුණු ?

734 Views


පෙට්‍රල්, ඩීසල් මිල ආයෙත් ඉහළ යන ලකුණු ?

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 70 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එලෙස ඉන්ධන මිල ඩොලර් 70 ඉක්මවා ගොස් ඇත්තේ වසර 4 කට පසුවයි

මීට පෙර 2014 වසරේදී එම මිල ඩොලර් 147 ක් දක්වා ඉහල ගියා. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉල්ලූම සහ සැපයුම අතර සමබරතාවයක් නොමැතිවීම ඉන්ධන මිල ඉහල යාමට හේතු වී ඇති බවයි. ගෝලීය දේශපාලන ප‍්‍රවනතා සහ ප‍්‍රධාන පෙලේ තෙල් නිෂ්පාදන රටවල් වල නිෂ්පාදන අඩාල වීම හේතුවෙන් ලෝක වෙළදපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහල යා හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා

මේ අතර ඉන්ධන මිල සමාලෝචනයට අදාළ අමාත්‍ය අනුකමිටුව අද මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතයි. එහිදී පසුගිය මස ලෝක වෙලදපොලේ ඉන්ධන මිල ගණන් උච්චාවචනය වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post