News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

652 Views


ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සදහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බවයි වාර්තා වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශ සටහන් කර ගැනුණා.

පුවත්පතක නියෝජ්‍ය කතුවරයෙක් වශයෙන් සේවය කළ කීත් නොයාර් මහතා 2008 වසරේ මැයි මස 22 වනදා පැහැර ගැනීමට ලක්ව පසුව මුදා හරිනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post