News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

බේරුවල අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම්.

1024 Views


බේරුවල අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම්.

ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී සිදු වූ බෝට්ටු අනතුරින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ කිමිදුම්කරුවන් යොදා ගනිමින් මෙම මෙහෙයුම් සිදු කරන බවයි.

ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී ධීවර යාත‍්‍රාවක නෞකාවක් ගැටීමෙන් පසුගිය 11 වනදා රාත‍්‍රියේ මෙම අනතුර සිදු ව තිබුණා.

ඉන් ධීවරයින් සිව් දෙදෙනෙකු මිය ගිය අතර එක් අයෙකු බේරා ගෙන තිබුනේ නාවික හමුදාව විසින්.

මෙලෙස අනතුරට ලක් වුනේ බේරුවලින් මුහුදු ගිය මලිදු පුතා නැමති බහුධින ධීවර යාත‍්‍රාවයි. ධීවරයින් ගමන් ගත් අදාළ යාත‍්‍රාවේ ගැටුුනු නෞකාව හදුනා ගැනීම සදහා කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අයි එස් තාක්ෂණය භාවිතා කරමින් එම කටයුතු සිදු කරන්නේ නාවික හමුදාව හා වරාය අධිකාරිය එක්වයි. අනතුර පිළිබදව ධීවර දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post