News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

මොහොමඩ් සිද්දික් ඇතුළු පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ.

1069 Views


මොහොමඩ් සිද්දික් ඇතුළු පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්දික් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කලා.

ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දීයි.

2003 වසරේ පෙබරවාරි මස 3 වනදා මහරගම ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 8.1 ළග තබාගෙන සිටි බවට චෝදනා කරමින් මොහොමඩ් සිද්ධික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සදහන් කලේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. ඒ අනුව සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කලා.


News Articles
Latest Videos
Most Popular Post