ගාල්ල මුහුදේ අනතුරට ලක්වූ ධීවරයින් දෙදෙනා සෙවීම සදහා නාවික හමුදා විශේෂ කිමිදුම් කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සදහන් කළේ ඩෝරා යාත‍්‍රාවක් මගින් ද එම මුහුදු සීමාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි.
බේරුවලින් මුහුදු ගිය ධීවර යාත‍්‍රාවක් ගාල්ලට බටහිර මුහුදේදී අනතුරට ලක්වුණේ පසුගිය 11 වනදායි. විශාල යාත‍්‍රාවක ගැටීමෙන් අනතුඑට ලක්වූ එම යාත‍්‍රාවේ ගමන්ගත් ධීවරයින් සිව්දෙනෙකු මියගියා.
ඔවුන් සිව්දෙනා බලපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. අනතුර සිදු කළ යාත‍්‍රාව කුමන රටකට අයත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.