News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

මුතුරාජවෙළ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශන.

740 Views


මුතුරාජවෙළ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශන.

මුතුරාජවෙළ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට ආයතන කිහිපයක නියෝජතයින් ඇතුළත් බවයි එම අමාත්‍යාංශය සදහන් කලේ.

දැවි තෙල් කාන්දුව පිළිබද වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දීම එම කමිටුවේ කාර්්‍යය වනවා.

තෙල් කාන්දුව හේතුවෙන් උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය තවදුරටත් භාවිතයට නුසුදුසු බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය සදහන් කලේ.

මුහුදට මුසු වූ දැවි තෙල්වලින් 70% ක ප‍්‍රමාණයක් ඉවත් කිරීමට හැකි ව තිබෙනවා.

වෙරළ තීරයේ ඉතිරි වී ඇති තෙල් ස්වභාවික ක‍්‍රමවේද ඔස්සේ ඉවත් වීමට යම් කාලසීමාවක් ගත වනු ඇතී.

උස්වැටකෙයියාව ආශ‍්‍රීත මුහුදු ප‍්‍රදේශයට පසුගිය 8 වනදා සිට තෙල් නිකුත් වී තිබුනේ ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක සිට මුතුරාජවෙල තෙල් පිරිපහදුව වෙත ඉන්ධන ගෙන යන නලයක කාන්දුවක් හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post