News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට පියවර.

846 Views


ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට පියවර.

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරිම එහි අරමුණයි.

නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත මෙම කමිටුව සකස් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ.

වත්මන් කෙටුම්පතට අනුව මේ සඳහා පත් කරන සාමාජිකයින් ගණන 05 ක්.  ඊට අදාළ පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ‍්‍රි ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීම සදහා 2003 වසරේ දී ද අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණ ද එය මෙතෙක් ක‍්‍රියාත්මක වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post