News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

බඹර ප‍්‍රහාරයකින් මස්කෙලිය පාසල් සිසුන් පිරිසකට තුවාල.

1552 Views


බඹර ප‍්‍රහාරයකින් මස්කෙලිය පාසල් සිසුන් පිරිසකට තුවාල.

මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල විම හේතුවෙන් සිසු සිසුවියන් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ළමුන් අද දහවල් පාසල් විවේක කාලයේදි පිටියේ කී‍්‍රඩා කරමින් සිටියදී මෙම ප‍්‍රහාරයට ලක් වුණා.

ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක්. තුවාල ලැබූ සිසු සිසුවියන් මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බඹර ප‍්‍රහාරය හේතුවෙන් මේ වනවිට මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලය තාවකාලිකව වසා දමා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post