News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම අද කැබිනට් තීරණයෙන් පසුව

3069 Views


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම අද කැබිනට් තීරණයෙන් පසුව

පාසල් ජිවිතයේ අපි මුලින්ම මුහුණදෙන කඩයිම් විභාගය තමයි 5වසර ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ. මෙවර පොඩ්ඩො මුහුණ දීපු ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ගැන ආරංචියක් අපිට ලැබුණා. ආරංචිවල හැටියට ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳ අද (02දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්න නියමිත බවත්  එම තීරණය අද දිනයේදී ගන්න නොහැකි වුවහොත් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සතියකින් පමණ ප්‍රමාද වෙනවා කියලත් අපිට ආරංචි උනා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන නිසා, එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය අවශ්‍යවෙලා තියෙනවා. මේ සඳහා අද දවසේ අනුමැතිය ලැබුනේ නැත්නම් අයිමත් කැබිනට් මණ්ඩලරැස්වෙන්න නියමිත  ලබන 09 වැනි අඟහරුවාදා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට ඕනෑම අවස්ථාවකදී නිකුත් කිරීමට හැකි ලෙස සකස්කර කරලා තියනවා කියලා විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post