කැකිරාව මරදන්කඩවල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් රුපියල් දස ලක්ෂ විසි දෙදහසකට අධික මුදලක් ඊයේ කොල්ලකා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම මුදල් කොල්ල කා පලාගොස් තිබුණේ ඊයේ පස්වරුවේදීයි.
අදාළ මුදල් බැංකුවේ තැන්පත් කිරීම සඳහා ඉන්ධන පිරවුම්හලේ සේවකයකු කැකිරාව නගරයට රැුගෙන යමින් සිටියදී මෙම කොල්ලකෑම සිදුව තිබුණා.
යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු මුදල් රැගෙන පැමිණි සේවකයාගේ යතුරු පැදිය හරස්කොට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්නවා සේවකයා සතුව තිබූ මුදල් කොල්ලකා පලා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.