News Line| Off Air
Generic placeholder image

Oct
3

යාපනයේ ආවා කල්ලිය මුලිනුපුටා දැමීමට පොළිසියේ මෙහෙයුම්

551 Views


යාපනයේ ආවා කල්ලිය මුලිනුපුටා දැමීමට පොළිසියේ මෙහෙයුම්

යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලිය මුලිනුපුටා දැමීමට පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේයි.

පොලිසිය පැවසුවේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති බවයි.යාපනය කොට්ඨාසය තුළ පමණක් සිදු කළ මෙහෙයුම්වලින් පමණක් මේ වන විට සැකකරුවන් 35කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආවා කල්ලියේ සාමාජිකයින් භාවිත කරන බවට සැක කරන තියුණු ආයුධ රැසක් ද මෙහිදී සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post