News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

රුපියල අවප‍්‍රමාණය වීම ගැන ආර්ථීක සභාවේදී ජනපති කරුණු විමසයි

642 Views


රුපියල අවප‍්‍රමාණය වීම ගැන ආර්ථීක සභාවේදී ජනපති කරුණු විමසයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වු ජාතික ආර්ථීක සභාවේදී රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.එහිදී සාකච්ඡුාවට ලක්වු ගෙන ඇත්තේ මෙරට අපනයන ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම පිළිබදවයි.

රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සඳහා දැනට මහ බැංකුව ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා විමසා තිබෙනවා.මහ බැංකුව එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ රුපියල අවප‍්‍රමාණය වීමට බලපා ඇත්තේ රටින් පිට බාහිර සාධක බවයි.

ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක්ද මෙම තත්ත්වයට මුහුණ දී ඇති බවත් මහ බැංකුව මෙහිදී පෙන්වා දී තිබෙනවා.ඒ අනුව අපනයනය ප‍්‍රවර්ධනය කර ගැනීමට ලබාදිය හැකි ප‍්‍රතිලාභ සහ අවස්ථා පිළිබඳවත් රජයේ බදු ප‍්‍රතිපත්තිය පිළිබඳවත් එහිදී සාකච්ඡාවට ලක් වී ඇති බව සදහන්.

ජාතික ආර්ථීක සභාව රැස්වී ඇත්තේ රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම විශ්ව විද්‍යාල උපකුලපතිවරු ඇතුළු විද්වතුන්ගේ ද සහභාගිත්වයෙන්
මෙරට වර්තමාන ආර්ථීක තත්ත්වය පිළිබඳව විද්වතුන්ගේ අදහස් ලබාගැනීම සදහා පැවති මෙම සභාව සදහා ප‍්‍රමුඛ පෙළෙහි සමාගම් රැසක සභාපතිවරු ඇතුළු නියෝජිතයන්ද එක්ව සිටියා.

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ සියලූ ප‍්‍රධාන වාණිජ මණ්ඩලවල ප‍්‍රධානීන්ද, මේ සදහා සහභාගී වුනා.


News Articles
Latest Videos
Most Popular Post