News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

ඊලඟට මොකද කරන්නෙ? ජයසූරිය මුල් වරට මාධ්‍යයට හෙළි කරයි. – Siyatha 24 Exclusive

7276 Views


ඊලඟට මොකද කරන්නෙ? ජයසූරිය මුල් වරට මාධ්‍යයට හෙළි කරයි. – Siyatha 24 Exclusive

ලෝකෙට ක්‍රිකට් ඉගැන්වුවේ w. ග්‍රේස් මහත්තයා. හැබැයි ලංකාවට ක්‍රිකට් හුරු කරේ ජයසූරිය මහත්තයා. ඒකේ ආයි කතා දෙකක් නැහැ. Film එකේ Fight එක යන කෑල්ල miss නොකර බලනවා වගේ අපි ඒ කාලේ match එකේ පළවෙනි Overs 15 බැලුවේ. ඒ සනාගෙයි කලුවාගෙයි ගැහිලි බලන්න. පස්සේ කාලෙක සංගලා මායියලා අපේ ක්‍රිකට් වලට ආව. හැබැයි Record පිට Record තිබ්බට සනත්ලා වෙනුවෙන් අපේ හිතේ තිබ්බ තැන ඒ කාටවත් උදුරගන්න පුළුවන් වුණේ නෑ. ඒ හින්ද තාම සනා boy නැත්නම් මාස්ටර් බ්ලාස්ටර් අපේ හිතේ ක්‍රිකට් ගහනවා.

ඇත්තටම සනත් ජයසුරිය ක්‍රිකට් සෙල්ලම් කරන එක නවත්තලා සැහෙන කල්. හැබැයි අපිට සනත් ගැන කතා කරන එක නවත්තන්න බැහැනේ. මේ වෙද්දී සනත් ක්‍රිකට් සෙල්ලම් කරන අයව, තෝරන සෙල්ලම කරනවා. ඒ තේරීම් කමිටුවේ සභාපති විදිහට.

ඉතින් මේ දවස්වල සනත්ව ඔබේ මුහුණට හම්බුනොත් ඔහුගෙන් ඔබ අහන්න හිතාගෙන ඉන්න ප්‍රශ්න අරගෙන Siyatha 24 අපි ගියා සනත්ව මුණ ගැහෙන්න. ගිහින් ඔබේ හිතේ තියෙන ප්‍රශ්ණ ඔක්කොම අපි ඔහුගේ මුණටම කිවුවා. අපරාදේ කියන්න බැහැ fast bowlers ලට 6 ඒවා නෙලුවා වගේ සනා අපි අහපු ප්‍රශ්ණ ඔක්කොටම ඇඹරෙන්නේ නැතුව උත්තර දුන්නා.

මේ තියෙන්නේ ඒ සංවාදය… ඔබත් ඇඹරෙන්නේ නැතුව බලන්න…

සටහන හා සංවාදය – සජීව ද සිල්වා

 

 

 


News Articles
Latest Videos
Most Popular Post