මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඕ නෂීඕ නැවතත් සිය රටට යන බව නිවේදනය කර තිබෙනවා.සිරගත කර සිටි ඔහු මේ වන විට බි‍්‍රතාන්‍යයේ සිටින්නේ සිය රෝගී තත්වයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි,
මොහොමඕ නෂීඕ මාලදිවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත්වූ පළමු ජනාධිපතිවරයා වනවා,රාජ්‍ය ද්‍රෝහී සහ ත‍්‍රස්ත චෝදනා එල්ල කරමින් 2015 වසරේ දී මොහොමඕ නෂීඕ සිර ගත කිරීමට කටයුතු කලේ මාලදිවයිනේ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින්.චෝදනා වලට වරදකරු කරමින් ඔහුට වසර 13ක සිර දඬුවමක් ද නියම කලා.
ඒ වනවිට අසනීප තත්ත්වයෙන් පසු වූ නෂීඕට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා තාවකාලික නිදහසක් ලැබූ අතර ඒ සදහා බි‍්‍රතාන්‍ය බලා පිටත්ව ගියා.ඔහු නැවත වරක් මාලදිවයිනට ගියහොත් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .කෙසේ නමුත් මාලදිවයින ජනාධිපතිවරයාගේ කාලය නොවැම්බර් මස 17 වනදා අවසන් වීමෙන් පසුව මොහොමඞ් නෂීඞ් එරටට පැමිණීම නියමිතයි.