News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

රොයින්ග්‍යා සරණාගතයන් 7 දෙනෙකු යළි මියන්මාරය වෙත

723 Views


රොයින්ග්‍යා සරණාගතයන් 7 දෙනෙකු යළි මියන්මාරය වෙත

ඉන්දියාවට පැමිණි රොයින්ග්‍යා සරණාගතයන් 7 දෙනෙකු යළි මියන්මාරය වෙතම පිටුවහල් කිරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පවසා ඇත්තේ යළි මියන්මාරය වෙත යැවීම මෙම පිරිස අනතුරේ හෙළීමක් බවයි.

නමුත් සරණාගත පිරිස පිටුවහල් කළ යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබෙනවා. පසුගිය වසරේදී මියන්මාරය තුළ සිදුවූ ගැටුම් වලින් පසුව ලක්ෂ ගණනක් රොහින්ග්‍යා ජනතාව බංග්ලාදේශයට පලා ගියා.

මෙම ගැටුම් ආරම්භ වුනේ මියන්මාර ආරක්ෂක අංශ ඉලක්ක කරමින් රඛයිනේ පළාත තුළ නිරන්තරයෙන් සිදුවූ ජිහාඞ් ප‍්‍රහාර සඳහා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමගයි. එහිදී මහා මිනිස් සංහාරයක් සිදු වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මියන්මාරයට චෝදනා එල්ල කලා.


News Articles
Latest Videos
Most Popular Post