News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

කදානේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ සැකකරු දියේ ගිලී මරුට

794 Views


කදානේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ සැකකරු දියේ ගිලී මරුට

කඳාන ප‍්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබෙනවා. කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති එම සැකකරු අනුරාධපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුණේ ඊයේ දිනයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන එන අතරතුර සනීපාරක්ෂක අවශ්‍යතාවයක් මතුවීම හේතුවෙන් සැකකරුට ජා ඇල දළුගම ප‍්‍රදේශයේදී ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී සැකකරු පොලිස් නිලධාරියෙකුට ද පහරදී අසළ තිබූ ඇලකට පැන තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහු ගොඩට ගෙන රාගම රෝහලට ඇතුළත් කළා. රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින් අතරතුරදී සැකකරු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post