News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

අධිවේගී මාර්ගයේ රිය ධාවනය කරන්නන්ට දැනුම් දීමක්

668 Views


අධිවේගී මාර්ගයේ රිය ධාවනය කරන්නන්ට දැනුම් දීමක්

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී පැයට කිලෝ මීටර 60 ක වේගයක් පවත්වා ගන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම අධිකාරිය සදහන් කළේ අනෙකුත් මාර්ගවල ද විශේෂයෙන් කදුකර ප‍්‍රදේශවල රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලීමිටර 100 දක්වා වන තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මධ්‍යම වයඹ උතුරු මැද ඌව සහ සබරගමුව පලාත් වලටත් මන්නාරම දිස්ත‍්‍රික්කයටත් එම වැසි ඇති වන බවයි.

දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කලා.මේ අතර අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දැඳුරු ඔයේ වාන් දොරටු 8 ක් විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් පහල ප‍්‍රදේශයන් වල ජිවත් වන ජනතාවට අවධානයෙන් පසු විය යුතුයි.


News Articles
Latest Videos
Most Popular Post